Thursday, March 15, 2012

මිතුදම

වැහි බිඳු දිය පොද
මද නල කැටි කොට
ගහ වැල තුරු ඵල
දෝතින් පුද කොට
ඉර හඳ මිහි මව
අතරට මැදිකොට
තැනූ ලෝකයේ
සතුටයි නුඹ මට
අත් වැල් බැද මා
කඳුළට සුසුමට
තනි කම පාලූව
ගුවනට මුසු කොට
සසර පුරා එන
බැඳුමන් සිතකට
විඳවන්නට නොව
මිතු දම විඳිනට....

No comments:

Post a Comment