Thursday, March 15, 2012

ඇත්තටම ඔබ ආදරෙයිද?

ඔබ යමෙකුට ආදරේ කරනවාද.....? පහත කරුණු 12 බලන්න.

12. ඔබ ඔහු / ඇය සමඟ මැදියම් රැය වන තුරුත් කතා කරන අතර නිදා ගැනීමට යහනට ගිය පසුත් සිතන්නේ  ඔහු / ඇය ගැනයි.

11. ඔබ ඔහු / ඇය සමඟ ගමනක් යන විට ඇවිදින්නේ සෙමිනි.

10. ඔහු / ඇය දුරක ගිය පසු දැඩි ශෝකයක් දැනේ.

09. ඔහු / ඇයගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැඟේ.

08. ඔබ  ඔහු / ඇය දෙස බලනවිට අවට සිටින අනෙකුත් පුද්ගලයින් ගැන අවධානයක් ඇතිනොවේ. ඔබට පෙනෙන්නේ ඔහු / ඇය පමණි.

06. ඔබට සැමවිටම සිතීමට අවැසි ඔහු / ඇය ගැන පමණි.

05. ඔහු / ඇය දෙස බලනවිට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැඟෙන බව ඔබට දැනේ.

04. ඔහු / ඇය දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.

03. මෙය කියවන මුළු කාලය තුලම ඔබේ සිත තුල යම් පුද්ගලයකු සැරිසැරීය.

02. ඔබ එම පුද්ගලයා ගැන කොපමණ සිතුවාද යත්, මෙහි අ‍‍ංක 07 නොමැතිබව ඔබ දුටුවේ නැත.

01. දැන් ඔබ එය පරීක්ෂාකල අතර, ඔබේ මුවට සිනහවක් නැඟුණි.

No comments:

Post a Comment